සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කටුනායක ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක
සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක 9/07 දින නිරත විය .
මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්යක්ෂවරුන් වන ෂෙහාන් සුමනසේකර , අරුණ වරුෂහැන්දිගේ ,එම අමාත්‍යාංශයේ නිලධාරීන් , ගුවන් තොටුපළ සමාගමේ අංශ ප්‍රධානීන් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන සියලු ආයතන නියෝජනය කරමින් එම ආයතන වල ප්‍රධානීන්ද එක් වී සිටියහ .
පසුව මෙම නිලධාරීන් සහ නියෝජිතයන් සමග ගුවන් ගැල් ගම්මානයේ පර්යන්ත 05 ගොඩනැගිලි ශාලාවේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය .
එහිදී ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම සහ නව ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කිරීමට සහ මෙම ගැල් ගම්මානය තවදුරටත් සංවර්ධන කිරීම සදහා කෙටි කාළීන සහ දිගුකාලීන සැළසුම් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කෙරුණි .
කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ මෙහෙයු කටයුතු දවසේ පැය 24 පුරා , සතියේ දින 07 ම ඉන්දියානු සාගරයේ උපාය මාර්ගිකව සාර්ථකව සිදු කරනු ලබමින් සිටිති .
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

